Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

          බ්ලොග් එකක් හදන්න ගොඩක් කල් ඉදන් හිතන් හිටියට වැඩේ කරන්න වෙලාවක් නැතුව හිටියේ. වෙලාව හම්බවෙච්ච නිසා බ්ලොග් එක ආයෙත් අළුතෙන් ප...

නවතම ඇන්ඩ්රොයිඩ් සංස්කරණය වන (Android Lollipop 5.0.2) ගැන සියළුම විස්තර

/
1 Comments


          බ්ලොග් එකක් හදන්න ගොඩක් කල් ඉදන් හිතන් හිටියට වැඩේ කරන්න වෙලාවක් නැතුව හිටියේ. වෙලාව හම්බවෙච්ච නිසා බ්ලොග් එක ආයෙත් අළුතෙන් පටන් ගන්න හිතුවා.අළුතෙන් බ්ලොග් එකක් හදලා අළුතෙන්  post එකක් දානකොට අළුත් post එකක් දාන්න එපැයි. නැත්නම් වැඩක් නෑනේ.මේ බ්ලොග් එකෙන් ඔගොල්ලන්ට windows ගැන විතරක් නෙමෙයි Android ගැනත් තොරතුරු ගේන්න මම බලාපොරොත්තු වෙනවා.ඉස්ඉස්සෙල්ලම Android post එකක් දැම්මොත් හොදයි කියලා හිතුන නිසා මම තීරණය කරා අළුත්ම ඇන්රොයිඩ් වර්ෂන් එක ගැන විස්තරයක් ගේන්න ඒ කියන්නේ ඇන්රොයිඩ් 5.0.2 Lollipop සංස්කරණය ගැන.

                         Android කියන්නේ ලෝ‍කෙ වැඩියෙන්ම පාවිච්චි කරන smartphone මෙහෙයුම් පද්ධතිය.Android පවත්වගෙන යන්නේ Google සමාගමෙන්.Android මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ රැසක් මේ වෙනකොට නිකුත් කරලයි තියෙන්නේ ඔවුන්ගේ නවතම (2015.1.5 දිනට) සංස්කරණය වන්නේ Android 5.0.2 Lollipop කියන සංස්කරණය.මීට කලින් තිබුන සංස්කරණ වල පිලිවෙල නම් මෙහෙමයි.

  1. Android beta (2007)
  2. Android 1.0 (Alpha)
  3. Android 1.1 (beta)
  4. Android 1.5 (Cupcake)
  5. Android 1.6 (Donut)
  6. Android 2.0 – 2.1 (Eclair)
  7. Android 2.2 – 2.2.3(Froyo)
  8. Android 2.3 – 2.3.7 (Gingerbread)
  9. Android 3.0 – 3.2.6 (HoneyComb)
  10. Android 4.0 – 4.0.4 (IceCreamSandwich)
  11. Android 4.1 – 4.3.1(jellybean)
  12. Android 4.4 – 4.4.4 (Kitkat)
  13. Android 5.0 – 5.0.2 (Lollipop)

පළවෙනි Android Version එක 2007 තමයි නිකුත් වුනේ.

          කෙසේ වෙතත් Android os එක මේ වෙද්දි බොහෝ වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන්නේ විශේෂයෙන් නවතම Android සංස්කරණය වන Lollipop තුල විශාල වෙනස්කම් රැසක් දැකගන්න පුළුවන්.
මෙහි ඇති මූලික වෙනස්කමක් වෙන්නේ මෙහි notification Panel එකේ නව සැකැස්ම, ඇත්තෙන්ම එය ඉතා සිත් ඇදගන්නා සුළු අන්දමින් නිර්මාණය කරලා තියෙනවා.
නව Notification panel එක
විස්ථරාත්මකව සියල්ල දැක ගත හැකිවීම
තවද Recent App Menu එකේ කැපීපෙනෙන වෙනසක් සිදුවෙලා තියෙනවා.
එමෙන්ම කලින් තිබු Android සංස්කරණ සියල්ලටම වඩා වෙනස් Material Design එකක් මේ සංස්කරණයට යොදාගෙන තියෙනවා කලින් තිබුනට වැඩිය බොහෝ වෙනසක් Icons වල සහා in build ඇප්ස් වල අපට දැක ගන්න පුළුවන් තවත මෙතෙක් Android හි පැවිති අදුරු මුහණුවර වෙනස් කරමින් සුදු පැහැය වැඩියෙන් යොදාගෙන මෙහි මුහුණුවර සකසා තිබෙනවා Dial app එකේදි, settings ui එකේදි, message app එකේදි අපට මේ වෙනස පහැදිලිව දැක ගන්න පුළුවන්.
තවත් වැදගත් දෙයක් වන්නේ google සමාගම මෙම සංස්කරණයේදි මෙතෙක් Android හි පැවති Animation සියල්ල වෙනස් කරමින් ඉදිරිපත් කර තිබීමයි, එම ඇනිමේෂන් ඉතා සිත්ගන්නා ලෙස සුමටව නිර්මාණය කර තිබෙනවා මීට අමතරව තවත් අමතර විශේෂාංග රැසක් google සමාගම මෙම නව ඇන්රොයිඩ් සංස්කරණයට ඇතුලත් කරලා තියෙනවා ඒ අතරින්,
  • Notifications ලොක් ස්ක්‍රිනය මගින් හැසිරවීමට ඉඩ කඩ සලසා දීම.
  • Status bar හි වර්ණය විවෘතව ඇති app එකේ වර්ණයට හැඩ ගැසීම.
  • බැටරියේ ආයුකාලය වැඩි කිරීම සදහා “project volta” නමින් වැඩිදියුනු කිරීම් රැසක් මෙහෙයුම් පද්ධතියට එක කොට තිබීම.(මෙහෙයුම් පද්ධතිය තුළම Battery saving Options තිබීම.)
  • දුරකතනයේ ආරක්ෂාව වැඩි කිරීමට විවිධ යෙදවුම් යොදා තිබීම.
  • දුරකථන අැමතුම් සහා කෙටි පණිවිඩ පහසුව‍ෙන් හැසිරවිය හැකි වීම.(Quick Reply සහා Minimized Call Window)          


නව Volume Panel එක

                   යන අංග මුළික තැනක් ගන්නවා.එමෙන්ම අනෙකුත් සියළුම සංස්කරණවලට වඩා මෙම සංස්කරණය වේගවත් බවද
google සමාගම ප්‍රකාශ කර තිබෙනවා ‍මේ හැම එකටම වඩා ශ්‍රි ලාංකික අපට වැදගත් වෙන දෙයක් මෙම ඇන්ඩ්රොයිඩි සංස්කරණයේ තියෙනවා. ඒ තමයි මෙහි පද්ධති භාෂා සදහා සිංහල භාෂාව ඇතුළත් කර තිබීමයි. මෙම නිසා කිසිදු ගැටළුවකින් තොරව සිංහල භාෂාව කියවීමට හා පද්ධති භාෂාව ලෙස භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.

කෙසේ වෙතත් මෙම නව Android සංස්කරණය නිල වශයෙන් ලැබි ඇත්තේ ජංගම දුරකථන මාදිලි කිහිපයකට පමණයි.මෙය පළමු වරට නිකුත් වු Nexus 6 ඇතුළු google nexus දුරකථන කිහිපයකටද,Samsung galaxy S5 , Samsung galaxy Alpha දුරකථන මාදිලි කිහිපයකට පමණයි.කෙසේ වෙතත් නිල නොවන අයුරින් බොහෝ ජංගම දුරකථන සදහා මෙම ඇන්ඩ්රොයිඩ් සංස්කරණය ලැබිලයි තියෙන්නේ එනම් cyanogen mod 12, Omni 5,NamelessRom වගේ custom rom හරහා.(custom rom ගැන වෙනම ලිපියක් ඉදිරියේදි පල කිරීමට බලාපොරොත්තු වේ.)ඔබේ ජංගම දුරකථනයට නිල වශයෙන් මෙම සංස්කරණය නොලැබුනත් මෙවැනි custom rom එකක් භවිතයෙන් හො Android 5.0 අත්විදීමට ඔබටත් ඉදිරියේදි හැකියාව ලැබේවී.

   



You may also like

1 comment:

  1. වටිනවා මේක..
    ස්තූතියි,
    දිගටම ලියන්න,

    ReplyDelete