Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

ඕනම ADOBE Software එකක් ජීවිත කාලෙටම නොමිලේ පාවිච්චි කරන්න




අපි හැමෝම adobe එකේ software පාවිච්චි කරනවනේ , Photoshop , Premier Pro , After effects වගේ , ඉතින් අපි කවුරුත් මේවා සල්ලි දීල ගන්නේ නෑ නෙ ? 😁 ඉතින් මෙන්න මේ tool එකෙන් පුළුවන් ඕනම ADOBE Software එකක් ජීවිත කාලෙටම නොමිලේම Activate කරන්න ,

Adobe Universal Patch Painter 2017 (2.5 MB)

මේක පාවිච්චි කරන හැටි ගැන මොකක් හරි ගැටළුවක්  ආවොත් පහලින් comment එකක් දාන්න , මේක ගොඩක් සරල විදයට හදලා තියෙන නිසා මන් මේක පාවිච්චි කරන හැටි ගැන විස්තරයක් කරන් නෑ ,

Google Earth අළුත් වෙයි


අපි හැමෝම පාවිච්ච් කරන google සමාගමේ ප්‍රධානම සේවාවක් තමයි Google Earth කියන්නේ , ඉතින් මෙන්න මේ Google Earth සේවාව අලුත් කරන්න Google සමාගම සුදානම් වෙලා ඉන්නවා ,අප්‍රේල් මාසේ 18 වෙනිදා තියෙන media event එකෙන් තමයි අපිට හරියටම දැන ගන්න වෙන්නෙ  google සමාගම Google Earth සේවාවට අළුතෙන් එකතු කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා , කෙසේ වෙතත්  virtual reality විශේෂාංග කිහිපයක් සහා අළුත් user interface එකක් මෙම සංස්කරණයෙන් ලැබෙන බවනම් තහවුරු කරන්න පුළුවන් , ඒවගේම අපිට ලැබෙන චන්ද්‍රිකා චායාරුප වල ගුණාත්මක තාවයත් වැඩි  වෙන්න අවස්ථාව තියෙනවා , 
මෙම  අළුත් සංස්කරණයෙන් අපිට සජීවී video දර්ශනත් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා කියලා කට කතාවක් යනවා නමුත් මේක තවම කිසි කෙනෙකුට තහවුරු කරන්න හැකියාව ලැබිල නෑ ,

මේ ගැන ඔබත් දන්නා දේවල් තියෙනවනම් පහලින් comment එකක් දාලා යන්න , මේ වගේ අළුත්ම පුවත් ඉක්මනින්ම දැන ගන්න අපේ facebook page එකටත් like එකක් දාන්න,

සුපිරිම Android Music Player එක Poweramp - නොමිලේම (root අවශ්‍ය නැත )


Android phone වලට එන සුපිරිම music player එකක් තමයි , poweramp කියන app එක ඒ වුනාට පොඩි අවුලකට තියෙන්නේ මේක අපිට නොමිලේ පාවිච්චි කරන්න බැරි එක , මෙන්න මේ අවුලට විසදුමක් අරගෙන තමයි අද අපි අවේ ,

මුලින්ම පහලින් poweramp app එක download කරගෙන install කරන්න ,
(install කරන හැටි දැන් නැත්නම් පහලින් comment එකක් දාන්න)
poweramp.apk (6 mb)
ඊට පස්සේ පහළ දාලා තියෙන poweramp unlocker එකත් download කරගෙන install කරන්න,

poweramp unlocker (78 kb) 

මේ දෙකම install කරගත්තට පස්සේ poweramp එක අවුලක් නැතිව වැඩ කරන්න ඕන ,
මේකෙ setting වල about වලට ගියාම (full version) කියලා වැටිලා තියෙනවා ඔබට බලාගන්න පුළුවන් ,
verification failed කියල වැටුනට ඒක ගණන් ගන්න එපා ,
මමත් දැන් මාසයක් විතර තිස්සේ මේක පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතිව,

මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් අවොත් පහලින් comment එකක් දාන්න ,මේ පොස්ට් එක share කරලා අනිත් අයටත් මේ ගැන කියන්න ,
අපේ facebook page එකට like එකක් දාලා අපිත් එක්ක set වෙන්න ,

සුපිරි Desktop එකක් - Rainmeter




computer එකේ desktop එක හැමදාම එකම විදියට දැකලා එපා වෙලාද ?



එහෙනම් මෙන්න සුපිරි  වෙනසක්



මේ තියෙන්නේ මේ Rainmeter කියන software එකෙන් හදපු එක desktop එකක් විතරයි , මීට වඩා සුපිරි Themes ඕන තරම් නොමීලේම අපිට download කරගන්න පුළුවන් ,

මොකද්ද මේ Rainmeter කියන්නේ ?

Rainmeter කියලා නම තිබ්බට වැස්සත් එක්ක නම් මේකෙ කිසිම සමබන්දයක් නෑ,ඇත්තටම මේකෙන් කරන්නේ අපේ  desktop එකට එක එක විදියේ widgets(Desktop Gadgets) දාන්න පුළුවන් වෙන විදියේ  Platform එකක් හදලා දෙන එක ,ඉතින් මෙන්න මේ platform එක install කරගත්තට පස්සේ අපිට පුළුවන් අපිට කැමති widgets  ඕන තරම් අපේ desktop එකට දා ගන්න , ඒ විතරක් නෙමෙයි විවිද widjets ,wallppers එකතු කරලා හදපු desktop themes ඉතාමත්ම පහසුවෙන් අපේ desktop එකට දාගන්න මේ software එක අපිට ඉඩකඩ ලබා දෙනවා .

කොහොමද මේ විදියේ desktop එකක් හදාගන්නෙ ?


මුලින්ම පහල දාලා තියෙන ලින්ක් එකට ගිහින් rainmeter කියන software එක download කරගෙන install කරන්න ,

https://www.rainmeter.net/ (4mb)




install කරගත්තට පස්සේ පහල screenshot එකේ වගේ rainmeter එක open වෙනවා ඕගොල්ලන්ට පෙනෙයි ,


දැන් අපි අපේ platform එක (RainMeter software එක ) install කරගෙන ඉවරයි ,අපිට දැන් කැමති theme එකක් download කරලා දාගන්න පුළුවන් , පහළ link එකට ගිහන් කැමති theme එකක් download කරගන්න.
Download Themes from Deviant-art



ඊට පස්සේ Download කරගත්ත zip file එක open කරලා theme එකත් install කරගන්න (පහළ screenshots බලන්න )

පැහැදිලි නැත්නම් photo එක උඩ click කරන්න 
එකටත් පස්සේ අයෙත් ඔයාගේ desktop එකට එන්න ඇවිල්ලා අපි  අර කලින් install කරගත්ත rainmeter එකේ widget එකක් උඩ right click කරන්න ,එතකොට එන menu එකෙන් manage skins කියන එක තෝරන්න ,


ඊට පස්සේ layout කියන ටැබ් එක select කරලා එතනින් ඔයා download කරගත්ත theme එක select කරන්න , දැන් load කියලා තියෙන එක එබුවම theme එක apply වේවි ,අන්තිමටම theme එකත් එක්ක ආපු wallpaper එක(download කරපු zip file එක ඇතුලේ ඇති ) ඔයාගේ desktop wallpaper එක විදියට දාගන්න ,


මේ තියෙන්නේ මගේ desktop එක 


මේක කරද්දී මොකක් හරි ගැටළුවක් ආවොත් පහලින් comment එකක් දාන්න ,මේ post එකෙන් ඔබට උදව්වක් වුනානම් එකත් පහලින් දාලා යන්න , මේ ගැන ඔගොල්ලන්ගේ යාලුවන්ටත් දැනගන්න මේක share කරන්න ,(ඔය පහළ තියෙන button ටිකෙන් ලේසියෙන්ම කරන්න පුළුවන් )


short cut virus එකෙන් සම්පුර්ණයෙන්ම ගැලවෙන හැටි


සමහර වෙලාවට pen එකකට , memory card එකකට වගේ Files copy කරගෙන අවාම ඒ files  shortcut files වෙලා තියෙනවද ?? ඔව් මේ ප්‍රශ්නෙට  අනිවාර්යෙන්ම computer එකක් පාවිච්චි කරන ඕනම කෙනෙක් මුහුණ දීල ඇති , 


මොකද්ද මේ Shortcut Virus එක ? කොහොමද මේක වැඩ කරන්නේ ?


ඇත්තටම මේ Virus එකේ ජාති දෙකක් තියෙනවා,
1.Folders and Files Virus එක (folders සහා Files වලට බලපාන එක )


2. Flash drive Shortcut virus එක (සම්පුර්ණ Drive එකටම බලපාන එක )

මේ විදියේ virus නම් එක එක ඒවා තියෙනවා හැම එකෙන්ම ඉතින් වෙන්නෙ මම ඉහලින් සදහන් කරපු දේවල් දෙකෙන් එකක් තමයි , පහල දාල තියෙන්නේ මේ virus වලට උදාහරණ ටිකක්, 
  • Emsisoft – Trojan.VBS.TTE (B), Trojan.Generic.7206697 (B).
  • ESET – VBS/Autorun.EY worm, Win32/Ramnit.A virus.
  • Microsoft Security Essential – Worm:VBS/Cantix.A.
  • McAfee – VBS/Autorun.worm.k virus.
  • AVG – VBS/Worm.BH.
  • Bitdefender – Trojan.VBS.TTE.
  • ClamWin – VBS.Agent-35.
  • Quickheal – VBS/Canteix.AK.
  • Sophos – Troj/Agent-NXIMal/FakeAV-BW, Mal/Bundpil-LNK.
  • ClamAV – W32.Trojan.Starter-2, W32.Exploit.CVE-2010_2568-1.
  • Avira – W32/Sality.AB.2
  • SmadAV – VBS.Serviks, Serviks.Shortcut, Ramnit.CPL and Bundpil.Shortcut.
මේ Virus වලින් කරන්නේ Folders වල, Files වල එහෙමත් නැත්නම් සම්පුර්ණ drive එකේම attributes වෙනස් කරලා Hide කරන එක ,

කොහොමද මේ virus එකෙන් ගැලවිලා  flash drive එකක තියෙන දත්ත ආයේ ලබා ගන්නේ ?

පහළ download link එකේ තියෙන zip file එක download කරගෙන extract කරන්න 

(5kb) fixfolder and trojorm tool





ඊට පස්සේ  Trojorm Removal Tool v1.5 කියන file එක ඔබේ flash drive එකට copy කරලා open කරන්න ,

ඊලගට අර extract කරපු file එක අතුලේ  තියෙන fix folder කියන file එක ඔයාගේ flash drive එකට copy කර ගන්න, දැන් කරන්න තියෙන්නේ fixfolder කියන file එක notepad එකෙන් open කරන එක ,
මෙතන නැත්නම් choose another app එක ඔබලා ගන්න 


මේකෙ CD DRIVE කියල තියෙන තැනට ඔයාගේ PEN එකේ DRIVE LETTER එක දෙන්න (පහළ SCREENSHOTS බලන්න )
මෙතන H අකුර තියෙන තැනට ඕගොල්ලන්ගේ pen එකේ Drive latter එක දාන්න 


Drive එකේ letter එක මෙතනින් හොයා ගන්න පුළුවන් 

දැන් කරන්න තියෙන්නේ මේ FILE එක SAVE කරලා RUN කරන එක 

මේ කියපු ටික හරියට කරානම් SHORTCUT VIRUS එක නැති වෙලාම යන්න ඕන ඒවගේම PEN එකේ තියෙන FILES ටිකත් ආයෙත් පෙන්නන්න ගන්න ඕන ,

මේ Virus එක ආයෙ නොඑන්න වග බලා ගන්නේ කොහොමද ?

මේ virus එක ගොඩක් වෙලාවට එන්නෙ pc එකට සම්බන්ද කරන pen drives වලින් තමයි , ඒක නිසා pen එකක් open කරන්න කලින් අනිවාර්යෙන්ම පහල දාල තියෙන tool එකෙන්  Scan කරන්න , ඒවගේම pen එකක් ඇතුලේ තියෙන shortcut file එකක් කවදාවත්ම open කරන්න එපා ,  open කරොත් තමයි මේ virus එක ඕගොල්ලන්ගේ pc එකට install වෙන්නේ ,


( 3.5 mb ) usbFix.exe


හොඳ Virus Guard එකක් ඔබේ පරිගණකයට install කරලා තියෙන එක මේ virus එක වගේම , අනිත් virus වලින් බේරිලා ඉන්නත් ඔබට ගොඩක් උදව් කරාවි.

මේ post එක හදන්න මන් ගොඩක් මහන්සි වුනා , එක නිසා මේ post එකෙන් කාට හරි උදව්වක් වුනානම් මෙතන comment එකක් දාලා යන්න, එතකොට මට දැන ගන්න පුළුවන් මගේ මහන්සියේ ප්‍රතිපලයක් තියෙනවද කියලා, ඒ වගේම මේ post එකේ අඩු පාඩු මොනවා හරි තියෙනවනම් ඒකත් comment එකකින් දැනුවත් කරලා යන්න, මේ post එක share කරලා ඕගොල්ලන්ගේ යාලුවන්ටත් මේ ගැන කියන්න. ,



කෑ ගගහා ගහන්න තියෙන අලුත්ම පිස්සු Game එක - Chicken Scream



එක එක කාලෙට එක එක පිස්සු game එනවනේ , ඉතින් මෙන්න මේ දවස් වල නැගලම යන Game එකක් තමයි මේ Chicken Scream කියන්නේ , මේ Game එකේ තියෙන විශේෂත්වේ තමයි , මේ Game එක අපිට ගහන්න තියෙන්න අපේ කටහඩ පාවිච්චි කරලා ,අපේ කටහඩේ සද්දෙට තමයි මේ Game එකේ ඉන්න ප්‍රධාන චරිතේ වෙන කුකුළව 😂පාලනය කරන්න පුළුවන් වෙන්නේ , මේ ගැන වැඩිය විස්තර කරනවට වඩා හොදයි ඔගොල්ලන්ටම මේ game එක ගහන්න දෙන එක , පහල තියෙන Links වලින් Game එක Download කරන් ගහලා බලන්න , ආ තව වැදගත් දෙයක් කියන්න අමතක වුනා එක තමයි මේ Game එකේ Size එක Mb 7 ක් විතරයි කියන එක , මේ Game එකෙන් ගන්න පුළුවන් ආතල් එකනම් MB 7 ට වඩා ගොඩක් වටිනවා , තව දෙයක් මේ GAME එක බස් එකේ යද්දී එහෙම ගහන්න එපා හොඳේ මින්ස්සුන්ගෙන් ගුටි කන්න වෙයිද දන් නෑ,😜





මේ පිස්සු Game එක ගැන ඕගොල්ලන්ගේ යාලුවන්ටත් දැනගන්න මේ POST එක SHARE කරන්න ,
අපේ FB PAGE එකට LIKE එකක් දාන්නත් අමතක කරන්න එපා ,

Windows 10 Creators Update එක නොමිලේම install කරගන්න විදිය



Windows 10 Creators Update එක ගැන ඕගොල්ලෝ දන්නවා ඇති නෙ , (දන්නේ නැත්නම් ඉස්සෙලම මෙතනින් ගිහින් ඒ ලිපිය බලලා ඉන්න ,)
දැන් මම  කියන්න යන්නේ මේ update එක officially Release කරන්න කලින් දාගන්න විදියක් , මේක කරන්න නම් ඉස්සෙලම මෙතනින් ගිහින්  windows Update Assistant Tool එක ඕගොල්ලන්ගේ computer එකට install කරගන්න , 


Install කරාට පස්සේ එක Open කරලා UPGARDE Now කියන Button එක ඔබන්න , එතකොට පහල තියෙන screenshot එකෙ වගේ Update වෙන් එක පටන් ගනී , 


මේක update වෙන්න ටික වෙලාවක් යයි update වෙලා ඉවර වුනාම compter එක නිකන්ම් restart වේවි , ඊට පස්සේ ඔබට අලුත්ම Windows 10 Creators Update එකේ අත්දැකීම විදගන්න පුළුවන් වේවි ,

මොකක් හරි ගැටළුවක් අවොත් පහලින් comment එකක් දාන්න, ඒ වගේම ,
මේ post එක share කරලා  සහයෝගයක්  දෙන්නත්  අමතක කරන්න එපා, 

 මේ වගේම දේවල් ඉක්මනට දැන ගන්න අපේ fb page එකට like එකකුත් දාන්න,