Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

Post එක පටන් ගන්න කලින් හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ Facebook Page එකට Likes 100 අභිබවා යන්න උපකාර කරාට එ් වගේම සමාව ඉල්ලන්න ඕන ගිය මාස...

Facebook Account එකක් හැක් කරන්න පුළුවන්ද?

/
0 Comments
Post එක පටන් ගන්න කලින් හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ Facebook Page එකට Likes 100 අභිබවා යන්න උපකාර කරාට එ් වගේම සමාව ඉල්ලන්න ඕන ගිය මාසෙටම එක  Post එකක්වත් දාන්න බැරි වුනාට .
ඇත්තටම Facebook Account  එකක් නැති කෙනෙක් හොයා ගන්න නැති තරම් අද කාල‍ේ හිඟන්නොත් Facebook ඉන්නවා   :-) Facebook Account එකක් හදන හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මගේ Account එක හැක්වෙයිද කියන එක.
ඇත්තටම Facebook Account එකක් Account එකේ අයිතිකරුගේ බලපෑමකින් තොරව හැක් කරන්න පුළුවන්ද? මේකට දෙන්න පුළුවන් කෙටිම උත්තරේ තමයි "බෑ " කියන එක . Facebook Username එක Email එක කවුරුවත් දැනගත්ත කියලවත් එයාට Account එක හැක් කරන්න බෑ .
ඒකියන්න‍ෙ Facebook Acount එකක් කොහෙත්ම Hack කරන්නබෑ කියන එකද? නෑ Facebook Account එකක් hack වෙන්න පුළුවන් ක්‍රම ග‍ොඩක් තියෙනව හැබැයි එහෙම හැක් වුනත් හැක් වෙන්න‍ෙ ඔබේම වැරද්දක් නිසා තමයි . Facebook Account එකක් හැක්වෙන්න තිය‍ෙන ලේසිම සහා සරලම ක්‍රමය වෙන්නේ ඔ‍බ‍‍‍ෙ password එක අනිත් අයට දැනගන්න සැලැස්විම මේක ගොඩක් අය කරන වරදක් තමන් විශ්වාස කරන පුද්ගලයෙකුට උනත් password එක දෙන්න එපා.අනිත් එක තමයි ඔබ Facebook log වු විට Log out වීමට අමතක කිරීම, ඔබ log out වුන් නැති  වුනාම ඔබේ Account එකෙන් ඔබ ලෙස පෙනී සිටිමට ඔබෙන් පසුව පරිගණකය පාවිච්චි  කරන කෙනාට අවස්ථාව ලැබෙනවා විශ‍ේෂයෙන්ම Internet cafe වලින් facebook යන අය log out වෙන්නනම් අමතක කරන්න එපා.
අපි දැන් බැලුවේ අපේ වැරදි නිසා Facebook Account එක හැක් වෙන හැටිනේ ඒ වගේම අප‍ේ නොදැනුවත් කම නිසාත් අනිත් අයගේ වුවමනාව නිසත් Fb account එකක් හැක් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා ඉන් මුලිකම එක තමයි FAKE Softwares ඔබ මෙහෙම හිතන්න මම හදනවා පොඩි App එකක් එකේ තියෙන්න‍ේ Facebook Hacker කියලා ම‍ේ app එකෙන් තවත් කෙනෙක්ගේ Facebook Account එක හැක් කරන්න පුළුවන් කියලා තියෙනවා හැබැයි ඊට ඉස්සෙල්ලා ඔබ ඔබේ facebook ගිනුමේ Email එකයි password එකයි මේ app එකට ඇතුලත් කර යුතුයි ඊට පස්සේ තමයි ඔබ හැක් කරන්න යන පුද්ගලයගේ  විස්තර ඇතුලත් කරන්න ඕන හැබැයි මම මේ app එක හදලා තියෙන්න‍ේ ඔබ hack now කියන  ,button එක click කරාම ඔබ ඇතුලත් කරපු සියළු විස්තර ඔබේ Email එක සහා password එක ඇතුළුව මට Email වෙන විදියට දැන් හිතලා බලන්න කාගේ Account එකද හැක් වුනේ කියලා 

Facebook එකේ තියෙන games හැක් කරන්න තියෙන්න‍ෙත් මේ වගේ Apps තමයි ඒක නිසා කිසියම් software එකකින් හෝ Web අඩවියකින් ඔබේ Facebook ගිණුමේ විස්තර ඉල්ලුවොත් ලබ දෙන්න එපා Facebook account එකක් හැක් වෙන අනිත් ක්‍රමය තමයි keylogger වලට හසුවීම විශේෂයෙන් internet cafe වල මෙසේ සිදු විය හැකියි .


keylogger කියන්න‍ේ ඔබ type කරන සියළු විස්තර save කරගන්නා උපාංගයක් ඒක නිසා ඔබ පරිගණකය පාවිච්චි  කරන්න  කලින් නාදුනන උපාංගයක් පරිගණකයට සවි කරලද කියලා පොඩ්ඩක් බලන්න මෙන්න මේ ක්‍රම වලින් තමයි ඔබේ facebook Account එක හැක් වෙන්න‍ේ හැබැයි ඉතින් සමහර අය තමන්ගෙ password එක වැරදියට ගහලා මගේ Account එක හැක් වෙලා කියලා බොරුවට කෑ ගහනවා. :-) මේ එක්කම අපේ Facebook Account එක ආරක්ෂා  කර ගන්න හැටිත් කිවුවනම් හොදයි කියලා මන් හිතුවා
පලවෙනි ඔබ Facebook account  එක හදලා තියෙන Email එක  හෝ phone number එක භාවිතයෙන් ඉවත් කරන්න එපා මේක භාවිතයෙන් ඔයාගේ password එක නැවත පිහිටුවන්න අවස්ථාව ලැබෙනවා ඒ වගේම Facebook account settings වල තියෙන Text Messege Login Notifications කියන එකත් enable කරන්න එතකොට කවුරු හරි ඔයාගේ Account එකෙන් Log වුනොත් ඔයාට Text Messege  එකක් එයි විස්තරත් එක්ක අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ Password එක නිතර නිතර වෙනස්කරන්න කියන එක තමයි . මම හිතනවා මේ Post එක ඔබ සියළු දෙනාට ගොඩක් උපකාරි වුනා කියලා මොකක් හරි ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න ඒ වගේම අපේ Facebook page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා.


You may also like

No comments: