Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

Youtube කියන්නනේ අපි හැමෝම පාවිච්චි කරන වටින website එකක් නේ.මේ සයිට් එකෙදි කරන්න පුළුවන් පොඩි tricks ටිකක් ලැබුනා videos බලද්දි මේ tric...

ඔබ දැනගත යුතුම Youtube tricks පහක්...

/
0 Comments
Youtube කියන්නනේ අපි හැමෝම පාවිච්චි කරන වටින website එකක් නේ.මේ සයිට් එකෙදි කරන්න පුළුවන් පොඩි tricks ටිකක් ලැබුනා videos බලද්දි මේ tricks ගොඩක් උපකාර වේවි,

1.විඩියා‍ේ එකක් යම් තැනක සිට නරඹන්න..

  මාතෘකාවනම් තේරෙන් නැතුව ඇති හරි මෙහෙම හිතන්නනකා‍ේ පැය දෙකක film එකක් youtube එකේ තියෙනවා ඒ film එකේ තියෙන පොඩි කොටසක් පෙන්වන්න ඔයා youtube link එක  යාළුවෙකුට share කරනවා යාළුවා ඒ වීඩියෝ එක බලද්දි මුල ඉදන්න‍ේ යනනේ? හැබැයි ඔයාට මේ ක්‍රමය පාවිච්චි කරලා ඕනම video එකක් ඔයාට අවශ්‍යය තැනකින් download කරන්න share කරන්න පුළුවන්.මම ඉහත කියපු උදාහරණය විදියටම හිතමුකෝ  ඔයාට යාළුවට පෙන්වන්න අවශ්‍යය  කොටස තියෙන්නේ  40 වෙනි මිනිත්තුවේ නම් ඔයාට තියෙන්න‍ේ youtube link එක copy කරලා ඒකේ අන්තිමට මේ tag එක දාන්න #t=40m00s  එතකොට වීඩියෝ එක Play වෙන්නේ , download වෙන්නේ විඩියෝ එකේ 40 වෙනි විනාඩියේ ඉදන්.  ඔයාලට කැමති වෙලාවක් මේකට දාන්න පුළුවන් m අකුරට කලින් මිනිත්තු ගානයි s අකුරට කලින් තප්පර ගානයි දාන්න ඕන තවත් පැහැදිලි වෙන්න පහත උදාහරණය බලන්න.

සාමාන්‍යය link එක:-   http ://www.youtube.com/watch?v=xxxxxxxxy
ටයිම් tag යෙදු link එක:- http ://www.youtube.com/watch?v=xxxxxxxxy #t=40m00s


2.විඩියෝ එකක් නැවත නැවතත් නොනවත්වා repeat වන ල‍ෙස play කිරීම

Youtube එකෙන් සින්දුවක් එහෙම අහද්දි ඒක නැවත නැවත repeat කරන්න අවශ්‍යය නම් මේ සරල ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් මෙිකට කරන්න ඕන browser එකේ address bar එකේ තියෙන youtube link එක ‍මේ විදියට වෙනස් කරන එක
වෙනස් නොකරන ලද : http://www.youtube.com/watch?v=xxxxxxxx
වෙනස් කරන ලද: http://www.infinitelooper.com/watch?v=xxxxxxxx
( මෙහිදි වැඩිපුර යෙදිය යුත්ත‍ේ infinitelo

oper කොටස පමණි)

3.සෙවුම්  ප්‍රතිඵලය 100%ක් ගලපගන්න.

ඔබ සමහර අවස්ථාවලදි යම් නිශ්චිත ප්‍රතිඵලයක්  බලාපොරොත්තුවෙන් youtube search කරත් ඔබට ඔබ serach කරපු keyword එකට යාන්තම් ගැලපෙන සෙවුම් ප්‍රතිඵලත් පෙන්වනවා නේද?සමහර විට කිසිසේත් අදාල නොවන ප්‍රතිඵල? ඔබ යමක් search කරන්න පෙර  allintitle: කියන tag එක දැම්මොත් search වෙන්නනේ ඔබ type කළ keyword එකට 100% ක් ගැලපෙන ප්‍රතිඵල විතරයි.

4. Video  එක load වෙනකම් snake game එක youtube එකෙන් ගහමු.

වීඩියෝ එක ලොඩ් වෙනකොට හරි pause කරලා තියෙනකොට left arrow key එක තප්පර තුනක් විතර ඔබන් ඉදලා up arrow key  එක ඔබන්න.එතකොට snake game එක (අර nokia phones වල තියෙන්නනේ) ගහන්න පුළුවන්. කරන්න තියෙන්න‍ේ arrow keys වලින් play කරන එක.හැබැයි මේක හැම විඩියෝ එකකම වැඩ කරන් නෑ .


5.නැරඹීමට නා‍ෙදෙන වීඩිය‍ෝ නරඹමු.(Regional Restrictions Bypass )


සමහර වීඩියෝ අපිට youtube හරහා නැරඹීමට  ලැබෙන්නේ  නෑ ඒම විඩියෝ අප රටට නැරඹීමට  නොහැකි වන ලෙස බාධා  පමුණුවා තිබෙන නිසා නමුත් අපිට මේ trick එකෙන් regional restrictions යෙදු ඕනම video එකක් නරඹන්න පුළුවන් . ඒකට කරන්නත් ඕන youtube link එක මේ විදියට වෙනස් කරන එක.
වෙනස් ‍නොකරන ලද:- youtube.com/watch?v=IEIWdEDFlQY
වෙනස් කරන ලද:-youtube.com/v/IEIWdEDFlQY


    මම හිතනවා මේ trick ටික ඕගොල්ලන්ට ගොඩක් උපකාරි වුනා කියලා මොකක් හරි ගැටළුවක් තියෙනවනම් පහලින් comment එකක් දාන්න තවත් මේ වගේ දේවල් දැනගන්න අපේ facebook page එකටත් like එකක් දාන්න.


You may also like

No comments: