Windows 10 අලුත් වෙයි
windows 10 ආවට පස්සේ microsoft සමාගම අලුතෙන් windows මෙහයුම් පද්ධති නිකුත් කරන එක නවත්තලා (windows xp, vista,7, 8 වගේ ) ඒ වෙනුවට windows 10 මෙහයුම් පද්ධතියට අලුත් අංග එකතු කරමින් නව windows 10 සංස්කරණ updates විදයට දෙන්න තීරණය කරා කියලා ඕගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ඇති , මේ විදියට windows 10 ආවට පස්සේ පොඩි පොඩි වෙනස්කම් සහ විශේෂාංග තියෙන windows 10 සංස්කරණ updates විදියට නිකුත් කරා (ගිය අවුරුද්දේ අපු anniversary update එක වගේ )
මේ අවුරුද්දෙත් windows 10 Creators update කියලා නව windows 10 සංස්කරණයක් නිකුත් කරන්න microsoft සමාගම තීරණය කරලා තියෙනව , මේ සංස්කරණය තුලින් වෙන වෙනස්කම් ටික අපි බලලා ඉමු ,
(මෙන්න සුපිරිම එක ) Game Mode
Game Mode කියන වචනේ දැක්ක ගමන් වැඩේ තේරෙනවා නෙ ? මේකෙන් වෙන්නේ අපේ computer එකේ වැඩක් නැති softwares , services නවත්තලා දාලා game ගහන්නම pc එක හදලා දෙන එක , මේ විශේෂාංගය මෙහයුම් පද්දතියකට එන්න පලවෙනි පාරට ,
Paint 3D
පොඩි කලේ අපි චිත්‍ර ඇදපු paint එක මතකයි නෙ ? මේක දැන් වෙනස් කරලා paint 3d කියල Advance කරලා තියෙන්නේ , දැන් අපිට ත්‍රිමාණ චිත්‍රත් මේකෙන් අදින්න පුළුවන් ,
Night Light (මට නම් වටිනම එක )
මේක නම් රැ වෙනකන් computer එක පාවිච්චි කරන අයට ගොඩක් වටිනා විශේෂාංගයක් මේකෙන් වෙන්නෙ Display එකේ colors Brigtness අපේ අපේ අස් වලට අමාරු නොවන විදියට වෙනස් කරන එක .
Start Menu Folders
දැන් අපිට start එකේ Folders හදලා දාන්නත් පුළුවන් (Android , ios වගේ )
Privacy Protection
මේකෙන් අපේ පෞද්ගලික තොරතුරු microsoft සමාගමට යන එක අපිට නවතන්න පුළුවන්
Grove Music Maker
මේකෙන් අපිට music හදන්න වගේම වෙනස් කරන්නත් පුළුවන් ,
මන් මේ උඩින් දාලා තියෙන්න windows 10 Creator සංස්කරණයෙන් අපිට ලැබෙන ප්‍රධානම විශේෂාංග ටිකක් විතරයි මීට අමතරව තව විශේෂාංග රැසක් මේකෙන් ඔබට ලැබෙනවා ,
මේ මාසේ අන්තිම වෙද්දී ඔබට මේ සංස්කරණයට නොමිලේම update කරගන්න පුළුවන්.(එතකන් ඉවසන් ඉන්න බැරි ය ඉන්නවනම් පහලින් comment එකක් දාගෙන යන්න update Assistant පාවිච්චි කරලා දැම්මම update කරන හැටි ගැන post එකක් දාන්නම් )
සැ.යු : windows 10 Creator සංස්කරණය ඔබට install කරගන්න නම් ඔබේ compter එකේ windows 10 install කරලා තියෙන්න ඕන
මේ post එක share කරලා සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා,
මේ වගේම දේවල් ඉක්මනට දැන ගන්න අපේ fb page එකට like එකකුත් දාන්න,























