Latest Technical News
Sinhala Tutorials
Sinhala Gadget Reviews
New Tricks/Mods/Hacks
Like us on Facebook for Latest Updates

සමහර වෙලාවට pen එකකට , memory card එකකට වගේ Files copy කරගෙන අවාම ඒ files  shortcut files වෙලා තියෙනවද ?? ඔව් මේ ප්‍රශ්නෙට  අනිවාර්යෙන්ම ...

short cut virus එකෙන් සම්පුර්ණයෙන්ම ගැලවෙන හැටි

/
4 Comments

සමහර වෙලාවට pen එකකට , memory card එකකට වගේ Files copy කරගෙන අවාම ඒ files  shortcut files වෙලා තියෙනවද ?? ඔව් මේ ප්‍රශ්නෙට  අනිවාර්යෙන්ම computer එකක් පාවිච්චි කරන ඕනම කෙනෙක් මුහුණ දීල ඇති , 


මොකද්ද මේ Shortcut Virus එක ? කොහොමද මේක වැඩ කරන්නේ ?


ඇත්තටම මේ Virus එකේ ජාති දෙකක් තියෙනවා,
1.Folders and Files Virus එක (folders සහා Files වලට බලපාන එක )


2. Flash drive Shortcut virus එක (සම්පුර්ණ Drive එකටම බලපාන එක )

මේ විදියේ virus නම් එක එක ඒවා තියෙනවා හැම එකෙන්ම ඉතින් වෙන්නෙ මම ඉහලින් සදහන් කරපු දේවල් දෙකෙන් එකක් තමයි , පහල දාල තියෙන්නේ මේ virus වලට උදාහරණ ටිකක්, 
  • Emsisoft – Trojan.VBS.TTE (B), Trojan.Generic.7206697 (B).
  • ESET – VBS/Autorun.EY worm, Win32/Ramnit.A virus.
  • Microsoft Security Essential – Worm:VBS/Cantix.A.
  • McAfee – VBS/Autorun.worm.k virus.
  • AVG – VBS/Worm.BH.
  • Bitdefender – Trojan.VBS.TTE.
  • ClamWin – VBS.Agent-35.
  • Quickheal – VBS/Canteix.AK.
  • Sophos – Troj/Agent-NXIMal/FakeAV-BW, Mal/Bundpil-LNK.
  • ClamAV – W32.Trojan.Starter-2, W32.Exploit.CVE-2010_2568-1.
  • Avira – W32/Sality.AB.2
  • SmadAV – VBS.Serviks, Serviks.Shortcut, Ramnit.CPL and Bundpil.Shortcut.
මේ Virus වලින් කරන්නේ Folders වල, Files වල එහෙමත් නැත්නම් සම්පුර්ණ drive එකේම attributes වෙනස් කරලා Hide කරන එක ,

කොහොමද මේ virus එකෙන් ගැලවිලා  flash drive එකක තියෙන දත්ත ආයේ ලබා ගන්නේ ?

පහළ download link එකේ තියෙන zip file එක download කරගෙන extract කරන්න 

(5kb) fixfolder and trojorm tool





ඊට පස්සේ  Trojorm Removal Tool v1.5 කියන file එක ඔබේ flash drive එකට copy කරලා open කරන්න ,

ඊලගට අර extract කරපු file එක අතුලේ  තියෙන fix folder කියන file එක ඔයාගේ flash drive එකට copy කර ගන්න, දැන් කරන්න තියෙන්නේ fixfolder කියන file එක notepad එකෙන් open කරන එක ,
මෙතන නැත්නම් choose another app එක ඔබලා ගන්න 


මේකෙ CD DRIVE කියල තියෙන තැනට ඔයාගේ PEN එකේ DRIVE LETTER එක දෙන්න (පහළ SCREENSHOTS බලන්න )
මෙතන H අකුර තියෙන තැනට ඕගොල්ලන්ගේ pen එකේ Drive latter එක දාන්න 


Drive එකේ letter එක මෙතනින් හොයා ගන්න පුළුවන් 

දැන් කරන්න තියෙන්නේ මේ FILE එක SAVE කරලා RUN කරන එක 

මේ කියපු ටික හරියට කරානම් SHORTCUT VIRUS එක නැති වෙලාම යන්න ඕන ඒවගේම PEN එකේ තියෙන FILES ටිකත් ආයෙත් පෙන්නන්න ගන්න ඕන ,

මේ Virus එක ආයෙ නොඑන්න වග බලා ගන්නේ කොහොමද ?

මේ virus එක ගොඩක් වෙලාවට එන්නෙ pc එකට සම්බන්ද කරන pen drives වලින් තමයි , ඒක නිසා pen එකක් open කරන්න කලින් අනිවාර්යෙන්ම පහල දාල තියෙන tool එකෙන්  Scan කරන්න , ඒවගේම pen එකක් ඇතුලේ තියෙන shortcut file එකක් කවදාවත්ම open කරන්න එපා ,  open කරොත් තමයි මේ virus එක ඕගොල්ලන්ගේ pc එකට install වෙන්නේ ,


( 3.5 mb ) usbFix.exe


හොඳ Virus Guard එකක් ඔබේ පරිගණකයට install කරලා තියෙන එක මේ virus එක වගේම , අනිත් virus වලින් බේරිලා ඉන්නත් ඔබට ගොඩක් උදව් කරාවි.

මේ post එක හදන්න මන් ගොඩක් මහන්සි වුනා , එක නිසා මේ post එකෙන් කාට හරි උදව්වක් වුනානම් මෙතන comment එකක් දාලා යන්න, එතකොට මට දැන ගන්න පුළුවන් මගේ මහන්සියේ ප්‍රතිපලයක් තියෙනවද කියලා, ඒ වගේම මේ post එකේ අඩු පාඩු මොනවා හරි තියෙනවනම් ඒකත් comment එකකින් දැනුවත් කරලා යන්න, මේ post එක share කරලා ඕගොල්ලන්ගේ යාලුවන්ටත් මේ ගැන කියන්න. ,





You may also like

4 comments: